ගුවන් යානයක් දත්ත සම්ප්‍රේෂණ කුළුණක වැදී ගිනිගෙන පුපුරා ගිය පුවතක් ඊයේ (20) අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අදාළ ගුවන් යානය පුද්ගලික ගුවන් යානයක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි හතර දෙනෙක් එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් එහි සිටි සිව් දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් වෙන කිසිවෙකුටත් මෙම අනතුර හේතුවෙන් හානි සිදු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යානය කඩා වැටීම නිසා හටගත් ගින්න පැතිරී ගොස් ඇති අතර හූස්ටන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එය මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
මෙම අනතුර පිළිබඳව හූස්ටන් බලධාරීන්, ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය සහ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් විමර්ශනය කර ඇති බවයි සඳහන් වන්නේ.