ඉතාලිය සහ ස්විට්සර්ලන්තය අතර දේශසීමා යළි සකස් කිරීමට සිදුවී තිබෙනවා.
දෙරට අතර දේශසීමාවේ පැවති ග්ලැසියර දියවීමෙන් එහි භූගෝලීය ලක්ෂණ වෙනස්වීම නිසා මෙම පියවර ගැනීමට සිදුව තිබෙනවා.
ඉතාලිය සහ ස්විට්සර්ලන්තය එකිනෙකාට අසල්වැසි රාජ්‍යයන් දෙකක්.
ඇල්ප්ස් කඳුකරය ආසන්නයෙන් එකිනෙකා මායිම් වන මෙම රටවල් තම දේශසීමා නැවතත් සකස් කිරීමට තීරණය කර තිබෙනවා.
ගෙවුණු වසර කිහිපය පුරා සිදුවූ කාලගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස දෙරට දේශසීමාවේ පිහිටි සර්මැත් කලාපයේ භූ ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව වාර්තා වනවා.
සර්මැත් කලාපයේ දේශසීමා නැවත ඇඳීමට දෙරටට සාකච්ඡා ආරම්භ කිරීමට සිදුව ඇත්තේ ඒ අනුවයි.
යුරෝපයේ පිහිටි ජනප්‍රියම හිම නිකේතනයක් වන සර්මැති කලාපය දෙරටටම වැදගත් වන බැවින් මෙම කටයුත්ත දෙරටටම භූදේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ඉතාමත් වැදගත් බවත් වාර්තා වනවා.
දෙරට අතර දේශසීමා යළි සකස් කළ යුතු බවට ඉතාලිය සහ ස්විට්සර්ලන්තය එකඟ වූයේ 2023 වසරේදීයි.
ස්විට්සර්ලන්ත රජය මේ වනවිටත් ඊට අදාළ නිල කටයුතු අවසන් කර ඇති අතර ඉතාලි රජය අනුමැතිය ලබාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.
ස්විස් රජයට අනුව සර්මත් ග්ලැසියරයට අමතරව, තවත් ග්ලැසියර කිහිපයක්ම වඩාත් වේගයෙන් දියවෙමින් පවතිනවා.
මේ අනුව රටවල් අතර දේශසීමා නැවත සකස් කිරීමට සිදුවනු ඇති බව ඔවුන්ගේ මතය බව සඳහන් වනවා.