ඊසාන දින ඉන්දියාවේ ජාතික වනෝද්‍යානයක ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දුර්ලභ ගණයේ රයිනෝසිරස් සතුන් 6 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇසෑම් ප්‍රාන්තයේ කසිරංග ජාතික වනෝද්‍යානයේ මෙම ගංවතුර තත්ත්වය හටගෙන තිබෙනවා.
ගංවතුර හේතුවෙන් වනෝද්‍යානයේ සතුන් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 2017 වර්ෂයෙන් පසු ඇසෑම් ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවටද වාර්තා වනවා.
එම වසරේ ද අදාළ වනෝද්‍යානයේ සතුන් 350කට වැඩි සංඛ්‍යාවක් ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.