
2024 වසරේ ජූලි මාසයේ පළමු දින හත තුළ දී පමණක් විදෙස් සංචාරකයින් 43,083 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,053,332 ක් බව ඔවුන් සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් කියා සිටියා.
මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණීමේ ඉලක්කය සපුරාගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය මාසයේ දී සමත් වූ අතර ජූලි මාසයේ පළමු දින හත තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 13,693 ක් ලෙසයි.
මේ අතර 2024 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 198,161ක්, රුසියාවෙන් 115,043ක්, එක්සත් රාජධානියෙන් 92,807ක් සහ ජර්මනියෙන් 71,897ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.