බිත්තර සඳහා රජය මගින් සියයට 18ක වැට් බද්දක් ක්රියාත්මක කිරීමෙන් දේශීය බිත්තර මිල පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසනවා.
බිත්තර සඳහා වැට් බද්ධ ක්රියාත්මක කරන්නේ මෙරට ඉතිහාසයේ ප්රථම වතාවට බව පෙන්වා දෙන ඔහු මෙම වැට් බද්ධ ක්රියාත්මක කිරීම නිසා දේශීය බිත්තර නිෂ්පාදනය මෙන්ම කුකුළු ගොවිපළ කර්මාන්තයෙන් ගොවියන් ඉවත්වී කර්මාන්තය නැත්තටම නැතිවී යන බවද පවසා සිටියා.
සතුන් 5000ක් සිටින කුකුළු ගොවිපළකරුවන්ටද මෙම වැට් බද්ධ ක්රියාත්මක කෙරෙන බවත් එවැනි කුකුළු ගොවිපළ පවත්වාගෙන යන ගොවියන් මෙම කර්මාන්තයෙන් සදහටම ඉවත්වීමේ අවදානමක් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.