රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එමෙන්ම ඔහු පවසා සිටියේ වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවයි.
පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පසු සාමාන්‍ය වාහන, අනතුරුව සුඛෝපබෝගී වාහන ආනයනය ලෙස වැඩපිළිවෙළක් ඇති කරන බවත් සඳහන් කළා.
අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට ඒ පිළිබඳ කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් රටට ප්‍රශ්නයක් ඇති නොවී වාහන ආනයනය ආරම්භ කරන්නේ කෙසේද යන්න බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.