මිනුවන්ගොඩ වසමේ ජාපාලවත්ත ප්රදේශයේදී පොලීසියට ලද තොරතුරක් මත ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් එම වැටලීම ඊයේ (09) සිදුකළා.
මෙම පතරොම් සහ පතරොම් ගැබ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙම සැකකරුට ලබා දෙන්නට ඇති බවට පොලිසිය සැක පල කරනවා.
මෙම වැටලීමේදී T-56 ගිනි අවි පතරොම් ගැබ 2ක්, පිස්තෝල පතරොම් ගැබ 2ක්, T-56 ජීව පතරොම් 144ක්, පිස්තෝල සඳහා භාවිත වන පතරොම් 02ක් සොයා ගැනුණා.
43 හැවිරිදි මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි එම සැකකරු සඟවා තිබූ හෙරොයින් ග්රෑම් අටක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.