ඉදිරි පාර්ලිමේන්තුවේ සිටින අමාත්‍යවරුන්ට කොළඹ නිවාස ලබානොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මාතර පැවැති ජන රැළියකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අමාත්‍යවරුන් කොළඹ සිට කටයුතු කරනවාට වඩා ප්‍රාදේශියව ජනතාව සමග කටයුතු කිරීම වැදගත් බවයි.
“අපට අවශ්‍ය වන්නේ ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වන පාලනයක” ඔහු අවධාරණය කළේ නායකයන් දුරස්ථව සිටීම වෙනුවට ප්‍රාදේශීය ගැටලු විසඳීමට තම දිස්ත්‍රික්කවල කටයුතු කළයුතු බවයි.
නොවැම්බර් 14 න් පසු නව කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, බිම් මට්ටමේ ගැටළු විසඳීමට කැප වූ “ජන නායකයන්” වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවද ඔහු ප්‍රකාශ කළා.
“මේ ආණ්ඩු තම වැඩකටයුතු කිරීමට ගමට යායුතු යුතු අතර, ඉදිරි වැදගත්ම කාර්යය වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳුකම තුරන්කිරීම බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.