පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය මාවතේ පිහිටා තිබූ තරමක් පැරණි දෙමහල් ගොඩනැගිලි කිහිපයක් අද (30) පස්වරුවේ කඩා වැටී තිබෙනවා.
මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත්තේ එක පෙළට පිහිටා තිබූ ගොඩනැගිලි 05ක් වන අතර, එම ගොඩනැගිලි ආසන්න ප්‍රදේශයේ කානු පද්ධතිය සකස් කිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කාණු සකසමින් සිටි අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එහිදී බැකෝ යන්ත්‍රය නිසා පොළොවේ ඇතිවූ දෙදරීම මෙම පැරණි ගොඩනැගිලි කඩා වැටීමට හේතු වන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.
එම ගොඩනැගිලි තුළ දන්ත ශල්‍යාගාරයක්, රෙදිපිළි අලෙවිසැලක් සහ තවත් වෙළඳසැල් කිහිපයක් පිහිටා තිබූ අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ඉන් වෙළඳසැල් දෙකක් විවෘතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් සිදුවූ මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.