ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක රන්ජන් රාමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතිනවා.
ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණය වසර දෙකකින් අඩු කරන ලෙසයි.
එම ලිපිය සමාජ ජාලවල හුවමාරුවීම සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා කියා සිටියා.
අදාළ ලිපිය ජනාධිපතිවරයාට රහසේ දුන් එකක් නොවන නමුත් එය සමාජ ජාලාවලට ගියේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද ඔහු කියා සිටියා.