රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු රාජ්‍ය නාලිකාවලට ”යූ ටියුබ්” සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමත් සමග ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් වරදකරු කරමින් රුසියානු අධිකරණය විසින් දඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට ජාතික විකාශන නීති ඇල්ෆබට් උල්ලංඝණය කර ඇති බවටයි අධිකරණය තීරණය කර තිබෙන්නේ.
ඒ අනූව රුසියානු අධිකරණය ඇමෙරිකානු ඩොලර් ඩෙසිලියන් 20 ක දඩයක් නියම කර තිබෙනවා.
ඩෙසිලියන් 20 ඉලක්කමෙන් ලියන විට 2 ට පසුව බිංදු 33 ක් සඳහන්. (2,000,000,000,000,000,000,000,000,000,000,000)
මේ අතර මාස 9ක් ඇතුළත රුසියානු රාජ්‍ය නාලිකාවලට ”යූ ටියුබ්” සමාජ මාධ්‍ය තුළ පනවා ඇති තහනම ඇල්ෆබට් ඉවත් නොකළහොත් ඉන් පසුව ගතවන සෑම දිනකම එම දඩය දෙගුණ වන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
මෙය ලෝකයේ රටක් ගූගල් මවු සමාගමට නියම කළ විශාලතම දඩය වශයෙන් සැලකෙනවා.
ලොව රටවල් සියල්ලම මෙතෙක් ගූගල් සමාගමට නියම කර ඇති දඩ එකතු කළද එය ඩෙසිලියන් 20 ට සමාන නොවන බවයි වාර්තා වන්නේ.
මේ දඩය ලෝකයේ ආර්ථිකය මෙන් කිහිප ගුණයක් බවට පැවසෙනවා.
එමෙන්ම මෙම දඩය සංඛේතාත්මක එකක් බවත් දඬුවමේ සැබෑ අරමුණ රුසියානු රාජ්‍ය නාලිකාවලට ”යූ ටියුබ්” සමාජ මාධ්‍ය තුළ පනවා ඇති තහනම ඉවත්කරවා ගැනීම බවයි නීති විශාරදයෝ පෙන්වා දෙන්නේ.