අමෙරිකන් ජනාධිපතිවරණය හෙට (05) පැවැත්වෙනවා. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරයි. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ද හැරිස් ඩිමොක්රටික් පක්ෂයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා.
ජනාධිපතිවරණයේ අවසන් ජන රැලිවලට ට්‍රම්ප් සහ හැරිස් අද දිනයේ සහභාගී වනු ඇති බව අමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. පූර්ව ජනමත සමීක්ෂණ අනුව දෙදෙනා අතරේ කරටකර තියුණු සටනක් පැවැත්වෙනු ඇති බවද පැවසෙනවා.
සමීක්ෂණ අනුව කමලා හැරිස්ට සියයට 48ක ඡන්ද ප්‍රතිශතයක් ද ට්‍රම්ප්ට සියයට 47ක ඡන්ද ප්‍රතිශතයක්ද හිමවනු ඇති බවට පෙනී ගොස් තිබෙනවා. කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 සීමාව පසුකරන බවත් පෙන්නුම් කරන්නේ නැහැ.
අමෙරිකන් ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සිවු වසරකට වරක් නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දිනයේයි. මෙවර ජනාධිපතිවරණය (05) දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවයි.
අමෙරිකානුවන්ට ඡන්දය දිනට පෙර වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වුණු බැවැන් ජනපද රැසක වැසියෝ මේ වන විටත් ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශ කර අවසන් බවද පැවසෙනවා. ඒ අතරේ අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද සිටිනවා. බයිඩන් සිය ඡන්දය ප්‍රකාශ කළේ පසුගිය සතියේයි. ඒ මිනිත්තු 40ක් පමණ ඡන්ද පෝලිමක සිටිමිනි.
පූර්ව අනාවැකි පළ කළ නොහැකි ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය තීන්දු කරන ජනපද කිහිපයක් තිබෙනවා. මෙය සෑම ජනාධිපතිවරණයකදීම දකින්න ලැබෙන සිදුවීමකි. එම ජනපදවල වැසියන් කුමන අපේක්ෂකයාට ඡන්දය දෙනවාදැයි කල් තියා ප්‍රකාශ කළ නොහැකිය.
ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් මාතෘකා කිහිපයක් යටතේ තම ඡන්ද සටන පවත්වනවා. එයින් ප්‍රධාන මාතෘකාවක් වන්නේ අමෙරිකන් ආර්ථිකයයි. ගෝලීය ස්ථාවරභාවය සහ අමෙරිකාවේ භුමිකාවද වැදගත් මාතෘකාවකි. සංක්‍රමණික ගැටලුව ද ට්‍රම්ප් සහ හැරිස්ගේ අවධානයට යොමු වී තිබෙනවා.