මහමැතිවරණයේදී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස පත්කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එසේ නොවුණහොත් රට යළි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බවයි.
කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේදී තරුණයන් වෙනුවෙන් 3 idiots හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඊයේ (02) කටයුතු යොදා තිබුණා.
එම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනය කර තිබුණා.
චිත්‍රපට දර්ශනය ඇරඹීමට පෙර ඔහු තරුණ පිරිස සමග සාකච්ඡා කළා.
ප්රශ්නය – හිටපු ජනාධිපතිතුමා ඔබතුමා සිකුරාදාට චිත්‍රපටියක් බලනවා ඒක තාම බලනවද ?
“දැන් ඉතින් ඕනේ දවසක බලන්න පුළුවන් නේ.. කිසි ප්‍රශ්නයක් නැහැ.”
ප්රශ්නය – ඒ කියන්නේ දැන් ඉස්සරට වඩා නිදහස වැඩිද ?
“ඔව් දැන් ඉතින් නිදහස තියෙනවා. කොහොමත් ඉතින් ඒ කාලෙත් බැලුවා, සුමානෙට සැරයක් දෙසැරයක් විතර බැලුවා.”
ප්රශ්නය – මෙච්චර ලංකාවේ පෙන්වන්න ෆිල්ම් තියාගෙන 3 idiots පෙන්වන්නේ කවුද ? කවුද 3 idiots?
“දන්නේ නෑ කවුද තේරුවේ කියලා. සාමාන්‍යයෙන් මේක විහිළු චිත්රපටයක්නේ. දැන් ඔබ හිතන්නේ කවුද 3 idiots? මට එහෙම එකක් නැහැ මම ඒකයි ඇහුවේ.”
ප්රශ්නය – සිනමාවේ ක්‍රෂ් එකක් හිටියද ? ඉන්නවද ?
“ඒ කියන්නේ ? මොකක්ද ක්‍රෂ් එක කියන්නේ.”
ප්රශ්නය – ක්‍රෂ් එක කියන එක පැහැදිලි කරන්න කවුරුහරි.
“අපේ කාලේ තිබුණේ ඔරේන්ජ් ක්‍රෂ් විතරයි.”
ප්රශ්නය – බැරි වෙලාවත් මේ පාර්ලිමේන්තු මැතිවරණය ඉවරවෙලා පාර්ලිමේන්තුවට පත් වුණ මන්ත්‍රීවරයෙක් කීවොත් එහෙම මම ඉල්ලා අස්වෙලා ඔබතුමාට දෙනවා කියාල. ඔබතුමා කොහොම හරි එනවද ?
“මම අහනවා ඒ මන්ත්‍රීවරයාගෙන් ඔයා මගේ හතුරෙක්ද කියලා.”
ප්රශ්නය – ඒ කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තු යන එක සියදිවි නාසාගැනීමක් ලෙස ද සලකන්නේ ?
“නෑ මම දැන් පාර්ලිමේන්තුවේ හිටියා ඇති. මම හිතන්නේ දැන් අපේ මේ සිලින්ඩරයෙන් එහෙම අලුත් කණ්ඩායමක් ඇතිකරන්න ඕනේ. මොකද මේ අය විතරයි අද රටේ පළපුරුදු අය ඉන්නේ. ආණ්ඩුවේ කවුරුත් නැහැ පළපුරුදු අය. මේ අය දැන් අවුරුදු තුන හතරක් වැඩ කළා. කවුරුත් නැති වෙලාවේ මට උදව්කළා මේක අවුරුදු දෙකකින් හරවා ගන්න. මම හිත්නේ ලෝකේ සීග්‍රයෙන් බංකොලොත් බවින්
පිට වුණ රට තමයි ලංකාව ඉතින් මේ යන විදිහට කොහේ යයිද කියලා අපි දන්නේ නැහැ. අර KDU බස් එක වාගේ පෙරළෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ දන්න අය, පළපුරුදු අය එවන්න පාර්ලිමේන්තුවට.”
ප්රශ්නය – ඒ කියන්නේ 14 වෙනිදායින් පස්සේ පළපුරුදු නැති අය එනවා කියන එක ඔබ නිගමනය කරලාද තියෙන්නේ මේ වෙද්දි ?
“නෑ සමහරු කියවා ඔක්කොම ගෙනල්ලා දාන්න කියනවා පළපුරුදු නැති අය. දැකලා තියෙනවාද ? මේක හරියට සැඟවුණු අමුත්තා වගේ”