සමගි ජන බලවේගය මොනරාගල දිස්ත්රික් අපේක්ෂකවරයෙකු රැස්වීමක් ඇමතීම සඳහා ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසලේ ප්රදේශයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ජීප් රථයේ සිටි අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී ඇතැයි දඹගල්ල පොලිසිය පවසනවා.
පහර කෑමට ලක්වූ අපේක්ෂකවරයා සහ රියදුරු මොනරාගල කිරිගල රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මොනරාගල දිස්ත්රික්කයෙන් තරඟ වදින නීතීඥ ඉන්දික විජය බණ්ඩාර අත්තනායක නැමැත්තෙක්.
පාර්ලිමේන්තු අපේක්ෂකවරයා ඡන්ද ප්රචාරක රැස්වීමක් සඳහා සහභාගී වීමට ඔහුගේ රියදුරු සමග ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී එම ප්ර දේශයේ පිහිටි මාර්ග බාධකයක් ආසන්නයේ දී ජීප් රථයේ වේගය අඩුකර ඇති අතර එම අවස්ථාවේදී අසල සිටි නාඳුනන පුද්ගලයෙකු රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ඇති බව පොලිසිය පවසනවා.
පසුව එම සැකකරු විසින් ජීප් රථයේ සිටි පාර්ලිමේන්තු අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී පලාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරුව ප්රහාරයට ලක්වූ අපේක්ෂකවරයා සහ ඔහුගේ රියදුරු මොනරාගල කිරිගල රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.