පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා කරන ලද බවද එම පක්ෂ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පවසනවා.
දැනට අතරමග නතර වී ඇති උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු 25ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ඔහු කියා සිටියා.
අදාළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිළධාරීන්ට උපදෙස් දී ඇති බවද ඔහු සඳහන් කළා.
ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.