රට තුළ පොල් මිල ඉහළ යාමට හේතු කිහිපයක් බලපා ඇතිබව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ.බී.ගුණරත්න මහතා පවසනවා.
රිලවුන්,දඩු ලේනුන් ඇතුළු සතුන් සිදුකරන විනාශය ඉන් ප්රධාන ලෙස බලපා තිබෙනවා.
වසර කිහිපයක සිට රසායනික පොහොර පොල් වගාව සඳහා නිසි ආකාරව නොයෙදීම පොල් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.
රිලවුන්ගේ හානිය නිසා වසරකට පොල් ගෙඩි මිලියන 100 ක් අහිමිවන බව එහිදී ප්රකාශ කළා.
නිසි ලෙස පොහොර නොයෙදීම ඇතුළු කාලගුණික විපර්යාස හේතුවෙන් ද පොල් අස්වැන්න අඩුවී ඇති අතර රුපියල් 70 පැවති පොල් ගෙඩිය මේ වනවිට රුපියල් 150 ආසන්න වී ඇතිබව ඔහු සඳහන් කළා.
ඉදිරියේදී පොල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.