දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (05) නාවලපිටිය මිපිටිය ප්‍රදේශයට පැමිණීමත් සමග නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.
ඒ, ගම්වාසීන්ගෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට දැඩි විරෝධයක් එල්ලවීමත් සමගයි.
මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සිදු කරන බව පැවසෙන ස්ථානයකට දේවගැති ජෙරම් ප්‍රනාන්දු පැමිණ තිබූ අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණා.
තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ද පැමිණ තිබුණා.
ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.
පසුව ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමග එම ස්ථානයෙන් පිටවී ගොස් තිබුණා.