ශ්රී ලංකාව ලොව වඩාත් ආකර්ෂණීයම දිවයින ලෙස සුප්රකට “Wanderlust” සංචාරක සඟරාව මගින් පාඨක ඡන්දයෙන් තෝරාගෙන තිබෙනවා.
කීර්තිමත් වොන්ඩලස්ට් පාඨක සංචාරක සම්මාන ප්රදානය ලන්ඩන් නුවරදී පසුගියදා පැවැත්වුණා.
සංචාරකයන් අතර ආකර්ෂණීය මෙන්ම විවිධ අත්දැකීම් ලැබීමේ හැකියාව පදනම් කරගනිමින් ශ්රී ලංකාවට පාඨක ඡන්ද 200,000ක් පමණ හිමිවී තිබෙනවා.
වොන්ඩලස්ට් සංචාරක සඟරාව පසුගිය වසරේ ශ්රී ලංකාව නම් කර තිබුණේ ලොව වඩාත් ආකර්ෂණීය දිවයින් අතර 08 වන ස්ථානයටයි.
ශ්රී ලංකාව පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කරමින් වොන්ඩලස්ට් සඟරාව සඳහන් කළේ, ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින්ද හඳුන්වන ශ්රී ලංකාවේ ඓතිහාසික ස්මාරක අතර සීගිරිය, දඹුල්ලේ ලෙන් විහාරය මෙන්ම අනුරාධපුර සහ පොළොන්නරුවේ නටබුන් කැපී පෙනෙන බවයි.