හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරින් ප්රනාන්දු මහතා, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය සමඟ උණුසුම් අවස්ථාවක් බදුල්ල නගරයේදී ඇති වී තිබෙනවා.
ඒ නීති විරෝධී ආකාරයෙන් මැතිවරණ ප්රචාරණයේ යෙදුණේ යැයි ඔහුට අදාළ නිලධාරීන් විරෝධය පෑම හේතුවෙන්.
බදුල්ල නගරයේ පිරිසක් සමග ගෙයින් ගෙට යාමේ ප්රචාරක කටයුත්තක යෙදෙද්දී මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා පොලිසිය ඊට මැදිහත්ව ඔහුට තත්ත්වය පැහැදිලි කර දී තිබෙනවා.
නමුත් ඔහු ඊට විරෝධය පාමින් තමන් ඇඳ සිටි උඩුකය ඇඳුම ගලවා දමා පාරේ ඇවිද ගොස් ඇති බවයි වාර්තා වන්නේ.