පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සම්බන්ධ වන විශේෂ මාධ්‍ය හමුවක් මේවන විට පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී ඇති අතර මේ දක්වා කිසිදු මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එසේ වුවත් නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් අද (14) දිනය තුළ අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 49, 19 සහ 26ක් වූ නැදුන්කේනි, මන්නාරම සහ බියගම යන ප්‍රදේශවල පුද්ගලයින්.
එවැනි ආකාරයේ සිදුවීම් හැරෙන්නට මෙතෙක් කිසිදු ස්ථානයක ප්රචණ්ඩ ක්‍රියාවන් වාර්තා නොවන අතර ඒ අනුව සමස්තයක් ලෙස මැතිවරණය සාමකාමී බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
සවස් කාලයේ දී වැසි සහිත තත්ත්වයක් ඇති විය හැකි බැවින් කඩිනමින් සියලුදෙනාම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.