මේ වන තෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී අවසන්. ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 234,083 ලබාගෙන ආසන 05ක් දිනා ගත්තා.
2020 පැවති මහ මැතිවරණයෙන් ජය ලබා ගැනීමට හැකිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර හිමි කර ගැනීමට හැකිවූයේ තුන්වන ස්ථානයයි. ඒ අනුව ඔවුන්ට හිමිවුණේ එක් ආසනයක් පමණයි.
මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත චරිතයන් ලෙස 2020 ඡන්දයෙන් තේරී පත්වූ නාමල් රාජපක්ෂ – 166,660, ඩී.වී. චානක – 128,805, මහින්ද අමරවීර – 123,730, චමල් රාජපක්ෂ – 85,330, වෛද්‍ය උපුල් ගලප්පත්ති – 63,369, අජිත් රාජපක්ෂ – 47,375 යන අයට මෙවර සිය ආසන ප්‍රමාණය අහිමි වීමයි.
කෙසේවෙතත් 2020 පැවති ඡන්දයෙන් පොදු ජන පෙරමුණේ එක් අපේක්ෂකයෙකු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව තරම්වත් මෙවර ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ. සමස්ථ ඡන්ද ප්‍රමාණයම සටහන් වූයේ 26,268ක් ලෙසයි.