දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු අංශ කිහිපයක සේවක වර්ජනයෙන් ඇතිවූ අධික තදබදය හේතුවෙන් කොළඹ කොටුව සිට පොල්ගහවෙල දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක සිටි කාන්තාවක් ස්වසන අපහසුතාවයට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
53 හැවිරිදි රාජ්‍ය සේවිකාවක් ලෙස සේවය කරන ඇය දුම්රිය මැදිරිය තුළ අධික ලෙස තෙරපීමේදී ස්වසන අපහසුතාවයට ලක්ව රෝගී තත්වයකට පත්වීම මත දුම්රිය මැදිරියේ සිටි සෙසු මගීන් විසින් මැය ගම්පහ දුම්රිය ස්ථානයෙන් බස්සවා ගෙන 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.
රෝගී කාන්තාව රෝහල් ගත කොට ප්‍රතිකාර ලබාදී සාමාන්‍ය තත්වයට පත්වූ පසුව නිවස බලා යාමට සැලැස්වූ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්රකාශිකාවක් සඳහන් කළා.