කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගැනීමට වත්මන් අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය සමත් වී තිබෙනවා.
ඒ් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මනාප 655,289 ක් ලබා ගනිමින්.
මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රනිල් වික්රමසිංහයි. ඒ 2015 මහ මැතිවරණයෙන් මනාප 500,566ක් ලබා ගනිමින්.
ආචාර්ය හරිනි අමරසුරිය 2020 අගෝස්තු 20 දින ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු අපේක්ෂිකාව ලෙස ජාතික ජන බලවේගයේ සන්ධානය විසින් නම් කරනු ලැබුවා.
54 වන වියේ පසුවන ඇය කොළඹ බිෂොප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අයෙක්.
ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක්,,ඕස්ට්‍රේලියාවේ Macquarie විශ්ව විද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ,
එක්සත් රාජධානියේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් සහ ක්වීන් මාග්‍රට් විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව සහ ජාත්‍යන්තර සෞඛ්‍ය හා සංවර්ධනය පිළිබඳ ආචාර්ය උපාධියක් ඇයට හිමියි.
2011 වසරේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ ඇය පසුව එහි අංශ ප්‍රධානියා බවට පත් වී තිබෙනවා.
එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග ට පසුව පත් වූ තෙවන අගමැතිණිය ද වූයේ ඇයයි.