වෙළඳපළේ සහල් හිඟය තවදුරටත් උග්ර වෙමින් පවතිනවා.
මෙරට ප්රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක සහල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර තිබෙනවා.
ඒ අනුව එක් පුද්ගලයකු සඳහා සහල් කිලෝ තුනක් පමණක් නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
සම්බා, නාඩු, කැකුලු ආදි සහල් වර්ග කිලෝ තුන බැගින් පමණක් එක් අයෙකු සදහා නිකුත් කරන බවට ඔවුන් දැනටමත් සිය අලෙවිසෙල් ජාලය තුළ ප්රදර්ශනය කරමින් තිබෙනවා.