වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.
දෙසැම්බර් මාසයේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා මෙම වසරේදී එම මැතිවරණය පැවැත්වීමට අවස්ථාවක් නැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් රැසක් මේ වන විට විවිධ හේතුන් නිසා දේශපාලනය අතහැර හෝ විදෙස්ගත වී ඇති අතර ඇතැම් අපේක්ෂකයන් මිය ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම තත්ත්වය මත එම මැතිවරණයට නැවත නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගැනීමටද රජයේ අවධානය යොමු වී තිබෙනවා.
කෙසේවෙතත් එම මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබෙනවා.