රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව ලබන සඳුදා වනවිට එම තදබදය අවම කරගත හැකි වනු ඇති බවට ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මැතිවරණයක් ආසන්න වනවිට වෘත්තීය ක්‍රියාමාර්ග සුලභවීම අපේක්ෂා කළ හැකි තත්ත්වයක් බවත් බහුතරයක් වෘත්තීය සමිති දේශපාලන ව්‍යාපාරයක් හා සම්බන්ධව පවතින බවත් අමත්‍යවරයා සඳහන් කළා.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වෘත්තීය සමිති විසින් පළමුව සිය වෘත්තීය, දෙවනුව ආයතනය, තුන්වනුව රටේ පවතින තත්ත්වය සලකාබලා තීරණ ගත යුතු බවයි.