තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නැටුම් පන්ති ගුරුවරයෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණාල බටේවෙල ප්රදේශයේ පදිංචිකරුවකු වන 38 හැවිරිදි විවාහක නර්ථන පන්ති ගුරුවරයෙක්.
සැකකරු විසින් තම නර්ථන පන්තියට පැමිණි දැරියන්ව අපයෝජනයට ලක්කර ඇති බව අනාවරණය වී ඇතැයිද හංවැල්ල පොලීසිය පවසනවා.
සැකකරු සම්බන්ධයෙන් තලංගම සහ නවගමුව පොලිසිවලටද පැමිණිලි ලැබී ඇතැයි හංවැල්ල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.