එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීම සඳහා සංදේශයක් භාර දීමට සිරිකොතට පැමිණි අරටුව සංවිධානයේ පිරිසකට ප්රහාරයක් එල්ල වී තිබෙනවා
ඔවුන් අදාළ සංදේශය සිරිකොත මූලාස්ථානය වෙත පැමිණ භාර දී යන අවස්ථාවේදී මෙම ප්රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
වාහන 4කින් පැමිණි පිරිසක් විසින් මෙම ප්රහාරය එල්ල කර ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් එම සංවිධානය චෝදනා කරන්නේ රවී කරුණානායකගේ ගෝලයින් පිරිසක් විසින් මෙම ප්රහාරය එල්ල කළ බවයි.