
වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී රෝහල් ගත කරන ලද සැකකරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය පළමුවනදා රාත්රියේ රාජගිරිය – නාවල පාර, ශ්රී රතනජෝති මාවතේ නිවසකට ඇතුලු වූ මීගහකිවුල ප්රදේශයේ පදිංචි අවුරුදු 26 තරුණයෙකුයි මුල්ලේරියාව මානසික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණේ.
ඔහු පොලිසියට රැගෙන ඒමේන් පසු කලහකාරි ලෙස හැසිරී තිබෙන බවටයි වාර්තා වෙන්නේ.
අනතුරුව අදාළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන්නෙකු බවට නිරීක්ෂණය වන ආකාරයෙන් හැසිරීම නිසා ඔහු මුල්ලේරියාව මානසික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන්.
කෙසේ වෙතත්, පසුව රෝහලේදී එම සැකකරු මියගොස් තිබූ අතර, ඉන් අනතුරුවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.