නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට මෙවර හිමි වූ ජාතික ලයිස්ති මන්ත්‍රී ධුරයකින් තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ මුලින් ඇති කරගත් එකඟතාවය අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරනවා.
ඒ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැන සිටි බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා.
ගිවිසුම සම්බන්ධයෙන් දන්නා නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව කතා නොකරන බවත් පවසන ඔහු දිගටම තමා පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවද කියා සිටියා.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධුරයකට පත්වීම සුළු පිරිසක් අකමැති වුවද 99%ක් කැමති බවද ඔහු කියා සිටියා.
තලතා අතුකෝරල මහත්මියට මෙම මන්ත්‍රී ධුරය ලබා දීමට ඇතැමුන් කථා කළත් ඇය පක්ෂය මාරු කළ තැනැත්තියක් බවත් ඔහු තවදුරටත් කියා සිටියා.