පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවල මන්ත්රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් නවක මන්ත්රීවරුන් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.
මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්රීවරුන් තිස්පස් දෙනකු අලුතින් ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරනවා.
මාදිවෙල පිහිටි නිවාස නවක මන්ත්රීවරුන්ට ලබාදීම එළඹෙන තුන් වෙනිදා ආරම්භ කෙරෙනවා.
එම නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත හැක්කේ කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුලත නිවසක් නොමැති මන්ත්රීවරුන්ට පමණයි.
මන්ත්රීවරුන්ට එම නිල නිවාස ලබා දීම සඳහා මේ දිනවල එම නිවාස සංකීර්ණයේ ප්රතිසංස්කරණය කර කටයුතු සිදුකරමින් තිබෙන බවට වාර්තා වනවා.
මෙම නිවාස සංකීර්ණයේ නිවාස 116ක් පිහිටා තිබෙනවා.