දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක අශෝක රන්වල මහතා පැළඳ සිටි හිස් පළඳනාවේ පහළ කෙළවර දෙක එකට එක් වී තිබුණේ අත් වැරදීමකින් බව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
එය හිතා මතා කරන ලද දෙයක් නොවන බවත් අතපසුවීමකින් එලෙස සිදුව තිබූ බවත් පසුව එය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලද බවත් ඔහු සඳහන් කරනවා.
හිස් පළඳනාවේ පහළ කෙළවරවල් දෙක යා කිරීමට කිසිදු බොත්තමක් එහි නොතිබෙන බවත් එම දෙකළවර විවෘතව පැවති යුතු බවත් හෙතෙම සඳහන් කරනවා.
කෙසේවෙතත් නව පාර්ලිමේන්තුව ආරම්භක දිනයේ දී නව කථානායකවරයාගේ හිස් පළඳනාව එකට එක් වී තිබීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවිධ අදහස් පළවෙමින් තිබෙනවා.