ශ්‍රී ලංකාවේ ඊලම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කැනේඩියානු පාර්ලිමේන්තුවට ආන්දෝලනාත්මක යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. යෝජනාවට ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඇතුළත් වේ.
ඒ අනුව කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෝන් චෙන් සඳහන් කර ඇත්තේ දෙමළ ජන සංහාර පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ ශ්‍රී ලංකාව තුළ ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.
ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ ස්වයංපාලන අයිතිය ශ්‍රී ලංකා රජය දරුණු ආකාරයෙන් උල්ලංඝනය කර ඇතැයි ද එම පෙත්සමෙන් කියා සිටිනවා.
2019 වසරේ මැයි මාසයේදී සිදු කළ ජන සංහාරක යුද්ධය හරහා දෙමළ ඊලම සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කිරීමකින් අවසන් කළ බවත් එම පෙත්සමෙන් චෝදනා කරනවා.
ශ්‍රී ලංකාවට එරෙහිව ලෝකයේ සියළුම රාජ්‍යයන් එක්වී ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ දෙමළ සංහාරයට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බවද ඔහු තවදුරටත් එමඟින් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.