වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (13) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.
මෙම කාන්තාව දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට ගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ, 37 හැවිරිදි දකුණු කොරියානු ජාතික කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.