සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් තමන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පවසනවා.
තම පක්ෂයේ වැඩිපුරම මනාප ගත් දස දෙනා අතර තමන් ද සිටින බවද ඔහු පෙන්වා දෙනවා.
එනිසා තමන්ටද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවටද සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු කියා සිටිනවා.
තමන්ට මන්ත්‍රී ධූරයක් නොලැබුණහොත් පක්ෂය හැරදා යාමේ බලාපොරොත්තුවක් නැති බවද කී ඔහු හැරදා යන්නේ නම් ඒ ජීවිතයෙන් බවද කියා සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කරනු ලැබුවා.