තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී තිබෙනවා.
මේ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද මෙහිදී දැනුම් දී තිබෙනවා.
මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහතින්.