පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව වාර්තා වනවා.
එහිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.
මැතිරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් එහිදී තීරණය වී නොමැති අතර ඉදිරි දිනවල දී යළි කොමිෂන් සභාව රැස්වී අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බැවින් ඒ සඳහා කොමිෂන් සභාව සුදානමින් සිටින බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.