රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේ ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වෙළෙඳපොළට ලාෆ්ස් ගෑස් නිකුත් කර නොමැති බවයි.
දැනට සති කිහිපයක සිටම රට තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් නිර්මාණය වී තිබුණා.
පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් ද මේ හේතුවෙන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවටයි.
ඒ අනුව මේ පිළිබඳ ලාෆ්ස් ගෑස් සමාගමෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මෙවැන්නක්.
“මූලික පිරව්ම් පර්යන්තය තියෙන ස්ථානය වන මාබිම අවට ප්‍රදේශය ගංවතුරට යටවීමෙන් බෙදාහරීම් අක්‍රිය වුණා. ඒ සමගම හම්බන්තොට පර්යන්තයට ගෑස් ගෙනඑන නැවක ප්‍රමාදයක් වුණා. මේ නිසා පසුගිය කාලයේ ගෑස් දෙන්න නොහැකි වුණා. දැනටත් ඒ නැවෙන් ගෑස් ගොඩබෑම සිදුවෙනවා. අපි ඊයේ සිට ක්‍රියාත්මක වෙලා. පසුගිය පැය 24 තුළ බෙදාහැරීම් කටයුතු සිදුකළා.”