උතුරු පළාතේ ජනතාවගේ ආරක්ෂක අංශ සතුව පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා යාපනයේදී සඳහන් කර තිබෙනවා.
ගංවතුරින් පීඩාවට පත්ව ඇති උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගියදා යාපනයේ සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම්වරයා සහභාගි වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ ජනතාවගේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කර ඇතැයිද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණ ගෙන ඇතැයිද ඔහු එහිදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඒ කිසිදු තීරණයකින් ජනතාව පීඩාවට පත් නොකරන බවද ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.
ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ දැනටමත් උතුරු පළාතේ වසා දමා තිබුණු මාර්ග කිහිපයක් විවෘත කිරීමට කටයුතු කර ඇති අතර ආරක්ෂක අංශ සතුව පැවැතුණු ඉඩම් කිහිපයක්ද ජනතාව වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි.
මෙම මාධ්‍ය හමුවට ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතාද සහභාගි වී තිබෙනවා.