පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 65ක් දක්වා පහළ අගයක පැවතීම හේතුවෙන් එළවළු මිළ ගණන්ද ඉහළ අගයක පැවති අතර කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු මිල ගණන් ඉතා ඉහළ අගයක්ද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සදහන් කළා.
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ නිකුත් කළ ගැසට් නිවේදන දෙකක් මත පදනම්ව වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් සහල් මිල අඩු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
පොළොන්නරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මේ බව කියා සිටියා.