වසර 76ක් කඩා වැටුණු බංකොලොත් වුණු රටක් එක දවසින් ගොඩනැඟිය නොහැකි බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සමන්ති විද්‍යාරත්න පවසනවා.
වසර දෙකකට පමණ පෙර සිය අමාත්‍යංශය විනාඩි එකහමාරක දැන්වීමක් සෑදීම සඳහා රු. ලක්ෂ 1740ක් වැය කර ඇති බවත් එම දැන්වීම තවමත් ප්‍රචාරය වී නොමැති බවත් ඔහු අනාවරණය කරනවා.
මෙම මුදල දැන්වීමට වැය වුණේ ද වෙන කොහේ හෝ ගියේ ද යන්න ඉදිරියේ දී සොයා බැලිය යුතු බව ද නි. ඇමැතිවරයා පවසා සිටියා.
මේ රටේ අනවශ්‍ය දේවල් නාස්තිය දූෂණය නතර කර රට සුද්ද කරන බව ද ඒ සියල්ල එක දවසින් බලාපොරොත්තු නොවිය යුතු බව ද ඔහු සඳහන් කළා.