අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබු රාජපක්ෂ සමයේ දී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වූ ලිපි ගොනු අස්ථානගත වීමක් පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා.
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් අමානුෂික වද බන්ධනයන්ට ලක් කොට බරපතල තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණයේ වැදගත් ලිපි ගොනු කිහිපයක් මෙලෙස අතුරුදන් වී ඇති බව පෝද්දල ජයන්ත මහතා සදහන් කරනවා.
ඔහු මේ බව පැවසුවේ තමන්ට එරෙහිව සිදුවූ අපරාධය සම්බන්ධයෙන් නැවත වතාවක් පැවැත්වෙන පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය විමසමින් ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඊට අදාල තවත් තොරතුරු හෙළිකර තිබුණා.
දේශපාලන සරණාගත භාවය ලැබ මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින ජයන්ත මහතා මීට පෙර 2017 වසරේදීත් ශ්‍රී ලංකාවට පැමිණ තමන්ට එල්ලවූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලබා දී තිබෙනවා.
ඔහු පවසන්නේ 2009 වසරේ තමන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ 2017 වසර වන විට පවා නිසි පරීක්ෂණ සිදුව නොතිබුණු බවයි.
එමෙන්ම රට තුළ සිදුවූ සාපරාධී ක්‍රියා රැසක් සම්බන්ධ සාක්ෂි මේ වන විට විනාශ වීමේ අවදානමක් පවතින බවද ඔහු මෙම සාකච්ඡාවේදී හෙළි කරනවා.