
මැති ඇමතිවරුන්ගේ භාවිතය සඳහා වෙන්කර ඇති නිල නිවාස තම භාවිතයට ලබා දෙන ලෙස අධිකරණ විනිසුරුවන් තිදෙනකු කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.
මීට පෙර මෙම අමාත්‍යංශ සහ ආයතන ගණනාවක්ද මෙම නිල නිවාස කුලියට ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.
මේ වන විට අදාළ නිල නිවාසවලින් පෞරාණික වටිනාකම සහිත ඒවා වෙනම වෙන් කිරීමටද රජය කටයුතු කරනවා.
මෙසේ රජය යටතේ දැනට ඇති අමාත්‍ය නිල නිවස ප්‍රමාණය තිස්පහක්.
ඒවා සම්බන්ධයෙන් ඉදිරි කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙනවා.
පොල් ගෙඩියක මිල රුපියල් 200ක් දක්වා ඉහළ යයි
නාගරික ප්‍රදේශ රැසක පොල් ගෙඩියක මිල රුපියල් 200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ග්‍රාමීය ප්රදේශවලද පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 160 ඉක්මවු මිලකටයි.
වෙළඳුන් පවසන්නේ ප්‍රමාණවත් පරිදි පොල් තොග නොලැබීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.
කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කර තිබෙනවා.
පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසනවා.
පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබෙනවා.