පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර්ජාලය හරහා මුදල් උපයාගත හැකි බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු රවටා මෙම මුදල් වංචාව සිදුකර තිබෙනවා.
රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් සැකකරු විසින් එලෙස ගිණුම්ගත කරවා වංචාව සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර ඊයේ (05) දින වංචාවට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන දිගන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.