
වෙළඳසැල්වල සහල් මිල දෛනිකව ඉහළ දැමීමේ ප්රවනතාව ඇතිබව පාරිභෝගික ජනතාව පවසනවා.
කැකුළු සහල් මිල එලෙස වැඩි වශයෙන් ඉහළ දැමීමට පෙළඹී ඇති අතර පවතින කැකුළු සහල් හිඟය ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඇතැම් වෙළඳ සැල්වල කැකුලු සහල් කිලෝග්රෑම් 01 මිල රුපියල් 240ක් දක්වා ඉහළ මට්ටමක පවතින අතර ඇතැම් වෙළඳසැල්වල කැකුලු සහල් කිලෝග්රෑම් 01 මිල රුපියල් 210ක මට්ටමේ පවතිනවා.
මේ ආකාරයෙන් විවිධ මිල ගණන් යටතේ සහල් අලවි කිරීම හරහා පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
මේ පිළිබඳව වගකිව යුතු අංශ දැඩි අවධානය යොමු කල යුතු බව පාරිභෝගික ජනතාව පවසනවා.