
ජනප්රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර උතුර ගොරකාන ප්රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07) පැවැති සංගීත ප්රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු මෙලෙස පහර දී තිබෙනවා.
පහරදීමෙන් තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පානදුර උතුර පොලීසිය ප්රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකුයි.
මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම උත්සව ශාලාවේ පැවැති සංගීත ප්රසංගය සඳහා නදිමාල් පෙරේරා නියෝජනය කළ සංගීත කණ්ඩායමට සංගීතය සැපයීම සඳහා ආරාධනා ලැබ තිබුණා.
සංගීත ප්රසංගය අතරතුරදී ඔහු පහළ මහලට බැස ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය ප්රකාශ කළා.
කෙසේ වෙතත් පහරදීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලීසිය පවසනවා.
තවද පොලීසිය පැවසුවේ මෙම සංගීත ප්රසංගය පැවැත්වීම සඳහා පානදුර උතුර පොලීසියෙන් කිසිදු අවසරයක් එම නිවාඩු නිකේතනය හෝ ප්රසංගය සංවිධානය කළ පාසල ද ලබා ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් සිද්ධිය සැලවීමෙන් පසු පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති සංජීව ලක්මාල් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ගැටුම මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
පහරදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පී නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලේ මේ වන විට ප්රතිකාර ලබමින් සිටින අතර සැකකරුවන් අද (07) දින පානදුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගැටුමට සම්බන්ධ අනෙක් පුද්ගලයන් සීසීටීවී දර්ශන අධීක්ෂණය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළා.