
ප්රකට සහල් ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදෙස් ගත වී තිබෙනවා.
මෙරට සහල් අර්බුදය සම්බන්ධනේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති සාකච්ඡාවට සහභාගී වී පසුදා ඔහු පුද්ගලික සංචාරයක් සදහා මෙලෙස විදෙස් ගතව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අරලිය ඇතුළු පොලොන්නරුවේ සහල් මෝල් නිරීක්ෂණ ආරම්භ කර ඇති අතර අධිකරියේ නිලධාරීන් දෙදෙනා බැගින් එහි රඳවා සිටිනවා.
ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ඉහල දමන ලද නව පාලන මිලට සහල් නිකුත් කිරීමට සියළු මෝල් හිමියන් එකඟතාව පල කළා.