
පොලිසියට අත්බෝම්බ ප්රහාරයක් එල්ලකර පලායාමට උත්සාහ කළ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වත්තල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි යාපනය පොලිසිය පවසන්නේ.
යාපනය, කෝපායි, අච්චුවේලි, චුන්නාකම් ප්රදේශවල ජනතාව බියට පත්කරමින් රාත්රී කාලයේ නිවාසවලට පැන කෝටි ගණනක මුදල්, රන්බඩු ඇතුළු දේපොළ කොල්ලකෑ අයෙක් මෙසේ කොටුකර ගත් බවයි පොලිසිය පැවසුවේ.
මොහු අත්අඩංගුවට ගැනීමේදී යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ උදරය ප්රදේශය සපා කා තුවාල සිදුකර තිබෙනවා.
එසේ තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගනේමුල්ල ප්රදේශයේ පදිංචි අවුරුදු 38ක පුද්ගලයක්.
ඔහු කොල්ලකෑ රන් භාණ්ඩ පවුම් 50ක් පමණ සොයාගෙන ඇති අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පිරිසක් විසිනුයි මෙම වැටලීම සිදුකළේ.