
වෙන්නප්පුව ප්රදේශයේදී කාන්තාවක් වාහනයක හැපීමෙන් බරපතල තුවාල ලබා මියගොස් තිබෙනවා.
වෙන්නත්පුව පොලීසිය සඳහන් කරන්නේ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගජේන්ද්ර කුමාර පොන්නම්බලම මහතා ගමන් ගත් දී ජීප් රථයේ හැපී මෙම අනතුර සිදුව ඇති බවයි.
මියගිය කාන්තාව වයස අවුරුදු හැත්තෑවක් වන අයෙක්.
කොළඹ පුත්තලම මාර්ගයේ බෝලවත්ත හන්දියේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් මන්ත්රීවරයාගේ රියැදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.