
රජය ආනයනය කළ පළමු සහල් තොගය එළැඹෙන 16වැනිදා පමණ වෙන විට දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව පවසනවා.
එහිදී රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව පැවසූවේ මෙවැනි අදහසක්.
රජය හාල් ගෙන්වන්න ගත් තීරණයට අනුව අපි හාල් ගෙන්වන්න සූදානමින් සිටිනවා. පළවෙනි ඕඩරේ හැටියට අපි මෙට්‍රික්ටෝන් 5200 ක් ගෙන්වන්න අපි ලන්සු කැඳෙව්වා. ඒ තොගය මේ මාසේ විසිවෙනිදට කලින් බොහෝදුරට 16 වෙනිද වෙද්දී අපි ලංකාවට ගෙන එනවා. ඊට අමතරව අපි තවත් මෙට්‍රික්ටෝන් 5200 සහ 20800 ක් ගෙන ඒමට අවස්ථාව දීලා තිබෙනවා විදේශීය ආනයනකරුවන්ට . අද පත්තරවල ඊට අදාල දැන්වීම අපි ප්‍රචාරය කළා රජය පාලනය කළ මිල මිල මිලවන 220 ට අපිට සහල් ලබා දෙන්න පුළුවන් වෙනවා මේ හරහා. දැනට ගණන් බැලුවහම රජයේ පාලන මිලක් තිබෙනවා .220ක් කියල ආනයනික සහල් වලට ඒ මිලට සකසා ආයතනය හරහා සියලුම පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රමාණයට සහල් ලබා දෙන්න හැකියි. මේ කැඳවලා තියෙන මිල ගණන් අනුව සහ ඉදිරියේදී අපි ලබාගන්න ඇනෝම් අනුව නත්තල් සමයට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට පාරිභෝගිකයන්ට අවශ්‍ය විදිහට සහල් සැපයුමක් ලබා දෙන්න පුළුවන්. මූලිකව අපි ගෙන්වන්නේ නාඩු සහල් විතරක් ගෙන්වන්නයි ඉදිරියේදී අවශ්‍ය වුණොත් අනෙක් සහල් වලටත් අපි යන්න කටයුතු කරනවා.
පහුගිය දවස්වල ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ඡාවේදී මෝල් හිමියන් තීරණයකට ආවා ලංකාවේ සැපයුම්කරුවන් 225ක් තොග මිල සහ 230 ක් සියල්ලට පවත්වාගෙන යන්න මම විශ්වාස කරනවා ඒ මිලේ රඳවා ගන්න පුළුවන් කියලා ආනයනික සහල් වලට අපි 220 උපරිම මිලකට තමයි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම 5200 ක තොගයක් යන ඇනවුම් කළා 70000 ක ප්‍රමාණයක් ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි පහලවෙන් පස්සේ අපේ අස්වැන්නත් ලැබෙන පටන් ගන්නවා. ඒකත් එක්කලා ලංකාවේ නිෂ්පාදනය වන සහලුත් එක්ක රටේ පාරිභෝගිකයට අවශ්‍ය කරන සපුරා ගන්න අවශ්‍යතාවයට සහල් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එසේේ නොවුනොත් තවදුරටත් හාල් ආනයනය කරන්න රජයේ කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනට පහුගිය කාලයේ සහල් ආනයනය කරලා තිබෙනවා ඒ ආනයනය කළ සහල් තොගයෙන් හොඳම සාම්පල් තෝරා ගෙන තිබෙනවා ඒ ප්රමිතීන්වලට අනුව තමයි හාල් ගෙන්නන්න පොරොත්තු වෙන්නේ. බතලගොඩ සහල් පර්යේෂණ ආයතනයට සහල් සාම්පලය ලබාදීලා එයින් ලැබෙන නිර්දේශ අනුවව තමයි වෙළඳපළට සහල් නිකුත් කරන්න කටයුතු කරනනේ. ගෙන්වීමත් සමග සහ පෙරේදා ජනාධිපතිතුමත් එක්ක කළ සාකච්ඡාවෙන් දේශීය මෝල් හිමියන් පොරොන්දු වූ ප්‍රමාණය අනුව සැපයුමක් ලබා ගත්තොත් සාමාන්‍ය විදිහට වෙනදක තිබූ ආකාරයට හාල් ලබා දෙන්න පුළුවන් වෙයි කිලෝ 5 කියන සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා . දේශීය සැපයුම්කරුවෙක් අතින් එක මීඩියා කොන්ෆරන්ස් එකකදි කියවුනා රතු සහල් වලට හිඟය ඇති වුණේ ඇයි කියලා රජය තීරණයක් ගත්තොත් රතු සහලත් ආනයනය කරන්න ඕනේකියලා අපි රතු සහලත් ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා අපේ ආයතනය හරහා. අපේ විශ්වාසයක් තියෙනවා රටේ සහල් පාරිභෝජනය අවශ්‍ය ප්‍රමාණයට ඇති කිරීම තමයි අපේ මූලික අරමුණ. ඒ සඳහා අපි උපරිමයෙන්ම කටයුතු කරනවා. උත්සව සමයේ හිඟයකින් තොරව පාරිභෝගිකයට අවශ්‍ය සහල් ප්‍රමාණය ලබාදීම තමයි අපේ අරමුණ ඒක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රජය පාර්ශ්වයෙන් පමණක් නෙමේ අපේ ආයතනයක් හැටියට ගත්තහම අපිටත් මූලය අතින් හොඳ ශක්තිමත් ආයතනයක් අපිට ඒ කටයුත්තේ නියැලෙන්න පුළුවන් රජය මැදිහත්වීමක් නොවී ඒ මූල්‍ය ප්‍රතිපාදන සකසා ගන්න පුළුවන් මට්ටමක අපේ ආයතනය පවතිනවා.”